Friday, May 3, 2013
හෘද සාක්ෂියට එරෙහිව ආත්ම වංචාව......
තිස්තුන්වෙනි වතාවටත් මම වටපිට බැලුවේ කුටිය තුලට රිංගා ගැනීමට මා අසල කවුරුවත් නොමැති බව සැක හැර දැනගැනීමටය. ඉතා පරෙස්සමින් හෙමින් සීරුවෙ හඬක් නොනැඟෙන්න පරණ ලී දොර විවෘත කලෙමි. විදුලි බුබුල දල්වා යලිත් වතාවක් බියෙන් බියෙන් මුළු කාමරය පුරාවට මගේ දෑස් ගෙන ගියෙමි.විදුලි බුබුලෙන් විහිදෙන මලානික එළියත්,හිරු එළියක් නොවැටෙන නිසාවෙන් තිබූ පුස්ගඳත්,දූවිලි තට්ටුවකින් පිරී ගිය ලී පොලවත්,මට කාමරය තුල මහත් අපහසුතාවයක් ජනිතකරවීය.
ඇඳක්,මේසයක් සමඟ පරණ තාලයේ පුටුවකුත්,කණ්නාඩියක් සහිත පෞරාණික ලී අල්මාරියකුත් හැර මෙම කාමරය පුරාවට තිබූ හිස්බව එම අපහසුතාවය දෙගුණ තෙගුණ කරවීය.
මේ එළිය මදි යැයි සිතුනු හෙයින් කලබලයෙන් මේසය වෙත ගොස් මේස ලාච්චුව විවර කර ඉටිපන්දමක් හා ගිණිපෙට්ටියක් සොයාගත්තෙමි.වෙව්ලනා දෑතින් ඉටිපන්දම දැල්වුවෙමි.ඇසිල්ලකින් මතක්වී පසෙකින් තිබූ නානකාමරයද හොඳින් සෝදිසි කලෙමි.ඉටිපහන් එලියෙන් මැවුනු ගුප්ත සෙවනැලි මා තව තවත් බියජනක කරමින් කාමරය පුරා අද්භූත බව විහිදුවාලනලදී
“නිකම්ම එළියට අරගන්න බෑනේ..“
කඩිනමින් අල්මාරියවෙත ගිය මා, කීරිගැස්සෙන සියුම් හඬක් නංවමින් අල්මාරි පියන් විවෘතකර,ඝණකම් බ්ලැන්කට්ටුවක් ගෙන දූවිල්ලෙන් පිරුණු ලෑලි බිම මත ඇතිරුවෙමි.කලකින් ඇවිස්සුනු දූවිලි, රටා මව මවා ඔහේ අවකාශයේ පාවිය.කැස්සක් ආ නමුත්,පිටතට ශබ්ධය ඇසේ යැයි බියෙන් අයාසයෙන් එය සිරකරගතිමි.බියෙන් බියෙන් නැවතත් වටපිට බලා හීන්සීරුවෙ ගත රැඳි සීත කබාය ඉවත්කොට මම මගේ ඇඟ තුලින් ඇයව එලියට ගත්තෙමි.
දවස පුරාවටම මඟේ ඇඟතුල, නලියමින්,තෙරපෙමින්,වැලපෙමින්,විඳවමින් සිටි ඇයව,මම හීන්සීරුවෙ බ්ලැන්කට්ටුව මත දිගාකලෙමි.
“පවු අසරණී...හෙම්බත් වෙලා හොඳටම..“
දෑස් විවරකර අවට බැලීමටවත් නොහැකි තරම් ඇය දුර්වලය.යාන්තම් විවරකල දෙනෙත් තුලින් කඳුළු නොනැවතී කඳුළු ගලන්නට විය.තුවාල පාරවල්,කැපීම්,හීරීම් තුලින් නිල් වූ ඇගේ සිරුර අභියස මා දණින් ඇදවැටුනි.
“මැරියං යකෝ මැරියං......“
ආයාසයෙන් සමච්චල් මුසු සිනාබැල්මක් මාවෙත හෙලූ ඇය නැවතත් දෑස් තදින් පියාගත්තාය.බියට පත්වී දහඩියෙන් තෙත්වූ මගේ ගත වෙව්ලන්නට පටන්ගත් අතර දෑසින් කඳුළුකැට කඩාහැලෙන්නට විය.
“දෙයියනේ මේකිට මෙච්චර හයියක් කොයින්ද?“
පිළිතුරක් නොලැබෙන මුත් මම මගෙන්ම ප්‍රශ්ණ කරන්නට විය. එකවරම ඈ හුස්මගන්නා රිද්මයේ වේගය වෙනස්විය.ඔව්... ඈ පණ අදින්නට විය.
“ඇති යාන්තන් දැන්වත්....“
බිය දෙගුණ තෙගුණ වූ මම බිම වැතිරී සිටි ඇය අසලින් ඉවත් වී මේසය අසලට බිම දිගේ ඇදී ගියෙමි.මේස කකුලක් අල්ලාගෙන බිත්තියට අතක් තබා තදකරගනිමින් ඊළඟට සිදුවීමට යන දෑ දරාගැනීමට මගේ සිත ශක්තිමත් කරගත්තෙමි.....
“හරි... මං ලෑස්තියි...“
මා ඇයට ඇසෙන්නට පැවසුවෙමි. වේගයෙන් හුස්ම ගනිමින් යලිත් මාදෙසට හිස හැරවූ ඇය ආයාසයකින් නඟනා පුරුදු සමච්චල් සිනාවම මගේ දෙසවන් තුලට රිංගවා ලේ නහරයක් නහරයක් ගානේ බියෙන් උලුප්පා දමන ලදී.... හුස්ම ගැනීමේ රිද්මය සාමාන්‍ය විය.යලිත් වරක් ඇය මා රැවැට්ටුවාය. භීතිය ජනිත කරමින් ඇගේ හිනා හඬ කාමරය තුල රැව්දෙන්නට විය. ඇය ලේසියෙන් මා අත්නොහරින බව මට වැටහුණි.
මා තවත් ප්‍රමාද වන්නේ නැත.......හිත දැඩිකොට ගත් තීරණයෙන් මා නැගී සිටියෙමි.
මතු සම්භන්ධයි.......
(ඇත්තටම මේකෙ ඉතුරුටික ලියන්නද...?? වැඩි කොටස් ප්‍රමාණෙකට යන්නෙ නැහැ. ඊළඟ කොටසින් ඉවර කරන්නයි හිතාගෙන ඉන්නෙ.කවියට තරම්නම් දක්ෂ නැහැ... ඒ වගේ මට ලියවෙන්නෙත් නැහැ.... අඩුපාඩු මොනවද, වැරදි මොනාද කියල පෙන්වල දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්....)
Subscribe to:
Post Comments (Atom)
කවියට දෙවෙනි නැහැ. කොටස් 4/5කට සීමා වෙනව නම් හොදා.
ReplyDeleteකපටි කමට පොඩි කවි කැලි ලියනවට වඩා හොදා වගේ..
ජයම වේවා.
හොඳ නරක කියන්නෙ කොහෙද, මට නම් මේකෙ තාම අගක් මුලක් තේරෙන්නෙ නෑ... ඊළඟ කොටසින් බලමු...
ReplyDeleteඊළඟ කොටසින් ඉවර කරනවා නම් ඉක්මනට දාන්න.ඊට පස්සේ තමා හොඳ නරක කියන්න වෙන්නේ!
ReplyDeleteඅහා ලියන්න ලියන්න අයේ අහන්නත් ඔනේද :)
ReplyDeleteඑක කොටසකට මේ මදි...
ReplyDeleteඑපා එපා.....ඊගාව එක ලියන්න එපා
ReplyDeleteප්ලීස් ප්ලීස් ප්ලීස්...! ^_^
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
:D අදේ මෙයත් පටන් අරන්.. මරු,, :D ඊලග කැල්ල?
ReplyDeleteලියන්න ලියන්න මීළඟ කොටස ..ගොඩක් හොඳයි...
ReplyDeleteමට කියන්න මේ අර ගිනි ගන්නවා වගේ තිබ්බ බ්ලොග්
එකද..?
ඉක්මනට ඉතුරු කොටසත් ලියන්න. මම කුතුහලෙන් ඉන්නේ මොකද්ද කියලා දැන ගන්න.
ReplyDeleteබයත් හිතුනා.. මං හිතන්නෙ මේක සාර්ථකයි.. කියවන්නාගෙ හැඟීම් වෙනස් කරවන්න පුළුවන් නම් ඒක හොඳ නිර්මාණයක්.. මේකෙ අන්තිමට ලොකු කුතුහලයකුත් ඇති කරනවා...
ReplyDeleteඅඩුපාඩුව තමයි පොඩි වැඩියි. අඩු ගානෙ එක කොටසක් වචන 500 ට වඩා ලියන්න. අනිත් එක ලිඛිත භාෂාව ගොඩාක්ම ගාවගන්නෙපා.. එතකොට නිකං දුරස් හැඟීමක් දැනෙනවා
හොද නරක කියන්න කලින් ඉතුරු ටික ලියලා ඉදිං..
ReplyDeleteඊ ලග කොටසත් ඉක්මනට ලියන්නකෝ
ReplyDeleteකතාවෙ භාගයක් කියවල ඇනලයිස් දෙන්න අමාරුයි නේද..
ReplyDeleteඊලඟ කොටසත් ඉක්මණට ලියන්න නංගෝ!!!! ;)
ReplyDeleteමගෙන් මුකුත් නාහා ඊගාව කොටස දානවනම් හොඳා..
ReplyDeleteමට නම් තවම කතාව තේරෙන්නේ නෑ...ඊගාව කොටස් ඕනි
ඉතුරු ටිකත් දාන්නකෝ බලන්න
ReplyDeleteඊලඟ එකෙන්ම අදහසක් දෙන්නම්. තාම ඇඟට ගියෙ නැහැ
ReplyDeleteආරම්භය ඉතා හොඳයි... කුතුහලාත්මකව පවතිනවා... වෙනත් යමක් කියන්නට නම් කතාවම කියවා බැලිය යුතුයි.. කවිකමට පමණක් නොව ඔබ ගද්‍යයටද එකසේ සමත් කම් දක්වන බව පේන්න තියනවා.
ReplyDeleteහ්ම්ම්ම්ම් නංගා කවි ලියනවට වැඩිය හොඳයි කාලෙකින් ආවේ සයිබරේ පැත්තේ. දිගටම ලියන් යන්න.
ReplyDeleteකෝරලේ වලව්ව
අදමයි ඔයාගෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ.. දිගටම ලියන්න.. අපිත් එන්නම් මේ පැත්තෙ.. ගොඩක් හොඳයි පෝස්ටුව.. තව තව හැකියාව ඔපමට්ටම් කරගෙන තව දේවල් ලියන්න.. ජය..
ReplyDeleteවෙලා ඇති විටක මතක මාවතටත් ගොඩ වැදිලා යන්න එන්න..
http://mathakamawatha.blogspot.com/?m=1#
ඇහ් මෙන්න කතාවක්...
ReplyDelete