Thursday, April 10, 2014

දරාගමු අපි...

රෝහල් කොරිඩෝව පුරාවට පැතිරී තිබූ හිස්බවත්, මරණීය නිහැඬියාවත් ,සමඟ හිතේ ඇතිවූ නොපහන් හැඟීම යටපත් කරගනිමින්,මැවුම්කාර දේවතාවා  හිතින් මවාගෙන අයැදිමින් කොරිඩෝවෙහි තිබූ ආසන පෙල අසල දේවින්ද දණින් වැටී  සිටියේය.හෝරා දෙකක් පුරාවට තවමත් දැල්වෙන රතුපාට බල්බ් එළියත්, විටින් විට විවෘත වන ශෛල්‍යාගාර දොරටුවත් ,හෙදියන්ගේ නොසන්නුන් යහුසුළුවත් දේවින්දගේ බය දෙගුණ තෙගුණ කරවීය....

“අප්පච්චී......ඔයා ඇත්තටම අප්පච්චියෙක් වෙන්නයි යන්නේ“......

“මට බයයි අප්පච්චි...“

“මේ ෆ්‍රස්ට් ටයිම් නේද...?? අම්ම ටිකක් වීක් හිමෝග්ලොබින් අඩුයි.ටුවින්ස්ල නිසා ගොඩක් පරිස්සම් වෙන්න“

“කෙල්ල මොනාට හරි බයවෙලා ඉන්නෙ පුතේ....සැරින් සැරේ නින්දෙනුත් ගැස්සෙනව.නරකද පිරිතක් කියෙව්වොත්

“මල්ලි...මොනදේ සිද්ධ වුනත් කෙල්ලව පරිස්සම් කරගන්න ඕනෙ කොහොමහරි“....

සැරින් සැරේ හිතට බරක් ගෙනාපු මේ දෙබස් එක්කම හෝරා කිහිපයකට පෙර මානවී කාමරය තුල සිහිසුන්ව ඇදවැටී සිටි අයුරු එකවරම දේවින්දට මැවී පෙනෙන්නට විය

“දෙයියනේ මගෙ කෙල්ලට අනතුරක් සිද්ධවෙන්න එපා....“

කඳුළු පිරුණු දෑසින් දේවින්ද දෑත් එක්කර දෙවියන් අයැදිමින් දෑස් පියාගත් විගසම කවුරුන් හෝ තමුන්ගේ උරහිසට අත තබනවා දේවින්දට දැනුනි.

“ඩොක්ට......මගෙ වයිෆ්.....“..

දේවින්ද නැගිට ප්‍රශ්ණ කලේය

“අයි ඈම් සොරි මිස්ට දේවින්ද.වයිෆ්ව බේරගන්න පුළුවන් වුනා.....ඒත් බබාල දෙන්නා.....“

සවන් වැකුනු වදන් අදහාගත නොහැකිව දේවින්දගේ දෙපා අප්‍රාණික වී ඇද වැටුනි.

“මිස්ට දේවින්ද කලබල වෙලා වැටෙන්න එපා මේ වෙලාවෙදි...ශක්තිමත් වෙන්න බලන්න.මොකද ඔයාගෙ වයිෆ් දැන් පත්වෙලා  ඉන්න තත්වෙන් ගොඩගන්න පුළුවන් ඔයාට විතරක් නිසා.....“

වෛද්‍යවරයා ඔහුව සැනසීමට උත්සහ කලද...දේවින්දට ඒ කිසිදු වදනක් නෑසුනි......




පාර වැරදී
දෙව් ලොවට යන
මනු ලොවට විත්
මුලා වීගෙන

“අන්න මල්ලී අපේ
අම්මා“

කියා රැවටී 

ඇවිත් පසුපස
කුසට වැඩ මා
ගමන් වෙහෙසට
නින්ද යන්නැති
පැටව් දෙන්නට

මාස නවයක්
පිරී ගියමුත්
කෙහිද තව මගෙ
පැටව් දෙන්නා
සොයන්නට ඇති
නුඹත් සැමියත්
යන්න ඇති
සක් දෙවින්දා වෙත

නොවන මෙලොවට
 
අයිති හන්දා
ගෙවන්නට ණය
නොමැති හන්දා
ගෙන්න ගන්නැති
සක් දෙවින්දා
නූපන් මගේ
සුර දූතයො 
දෙන්නා

සැල කලානම්
සක් දෙවින්දන්
ඔහු අතින් වූ
අතපසුව ගැන
දිව්‍ය ලෝකේ
ඉන්න අම්මේ
කියමි නුඹ හට
මේ වදන් පෙල

මා තිඹිරි ගෙය
මැරුණ සිහිනය
වාසනා වී
නුඹේ ඇකයේ
පානවා ඇති
සිඟිති සුරතල්
නොවන් වස් දොස්
නුඹේ සෙනෙහෙට

දෙන්න මේ නම්
හරිම දඟයන්
කවයි හං කිති
බොහෝ නුඹටත්
වරම් නොලදත්
නෙතට සුරතල්
හිතින් වින්දෙමි
බොහෝ සතුටක්
.....................................................................................................



 මට හොරෙන් ඇහැ
පියුණු මොහොතක
හෝරාව විත්
මා බලන්නට
ආව විටකදි
හසුවෙලා මා
මඟ නවත්තපු
කවි කොලය දැක

“ඇයි ලියන්නේ
මෙහෙම කවි පද
තවත් අසරණ
වෙනවනේ මං“

නොකිව් මුත් නුඹ
 
මුව විවර කර
 තේරුණා නුඹ
දෑස් බැල්මෙන්

තදින් තෙරපා
තුරුළු කර මා
හිස හොවාගෙන
නුඹේ ලය මත
මුසු වෙලා මට
බැන්ද ප්‍රේමය
තාත්තෙකුගේ
කඳුළු බිඳු වැල්
වැටුනි මාගේ ‍
සබඳ දෙනෙතින්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
හෙලන්නෑ මං
එකදු කඳුලක්
එයින් තව තව
රිදුම් දීලා
පණපිටින් නුඹ
දැවෙන හන්දා

හදාගමු හිත 
අප්පච්චී
.............................................................................. 


ගොඩ දවසකට පස්සෙ ආයෙමත් ලියන්නයි හදන්නෙ..
කවියනම් මම ටික කාලෙකට කලින් පෝස්ට් කරපු එකක්.. ඒත් ඒ කවිය
ගොඩදෙනෙක්ට තේරිලා තිබුනෙ නැහැ.. ඒනිසා ඒක කතාවකට ලියන්න පටන් අරගෙන
ඩ්‍රාෆ්ට්ස් වල සෑහෙන්න කාලයක් තිබුනා.. අලුතෙන් ලියන්න පටන්ගත්ත ඒව තාම
ඉවර නැහැ.. ඒනිසා ඉඩ ලැබෙන විදයට ආයෙම ක්‍රියාකාරී බ්ලොග් කාරිනියක්
වෙන්නයි හිතාගෙන ඉන්නෙ... ආයෙම ලියන්න ආසයි..
හැමදාම වගේ බලල යන්න එන්න... ^_^
ඒ වගේමයි “අග්නි ධාරා“ කියන නමට තවත් තේරුමක්ද “මරණය“ කියල
කියන තරමට මම මරණය ගැන හුඟක් ලියල තියෙනවනේ.. විරූට වුන පොරොන්දුවත්
එක්කම මේ වතාවෙ ලියන්න පටන්ගත්තම ඔන්න ඒක වෙනස්වෙනවා.. ^_^
වෙනස බලන්න දිගටම එන්න....