Monday, October 29, 2012

මට නොහැඟෙන,ලියවුන කව.....




ආදරය සේ
වෙස්වලාගෙන
ගෙනා ආ මට
ජීවනාලිය
පෙවූ එය දිවි අරුත
එක්කල
කිඳුරු නිරිඳුන් නුඹඳ
සොඳුරේ


ආදරේ නෙක වර්ණ
දිලෙනා
සොඳුරු නුඹගේ කිඳුරු
දහනට
හොවාගෙන මා විසල්
මුතුවක
ප්‍රේම සයුරේ කිමිද
පතුලට


නිරිඳු හද දිනු රැජිණ
කරවා
පෑ සිනාවෙන් ලොවම
හිමිකල
සදා නොවෙනස් ම‘හිමි
දිනිදුන්
සමිඳ ඔබමද සමිඳ
ඔබමද.......?


...............................................................................................................



ප.ලි:- එකපාර ගැස්සිලා , නින්දෙන් ඇහැරිලා මේ ලියවුනේ මොකද්ද කියන්නනම් හරියටම තේරෙන්නෙ නෑ....මෙහෙම එකක් මේ ලියවුනාමද කොහෙද...
දැන්ම දාන්න නෙ කියල හිතුන.ෝ කස්ටිය කියන්නෙම
මරණය ගැන විතරමයි ලියන්නෙ කියලනෙ...

@අම්බානක හොම්මං වී...o.O





Friday, October 12, 2012

ආශාව.......





හිනාවෙන්න ඕනේ..


හීතලම හීතල රෑක
ඇඟම හිරිවට්ටන
පෙන බුබුළු
නැඟීගෙන
අයිස්කැට පාවෙන
සැන්ඩි නැති
විස්කි වීදුරුවක
උඩ දාරේ වටේ
යනගමන්

හයියෙන් කෑගහල
පනිනකම් කඳුළු
ඇස්දෙකන් සතුටට
ලෝකෙටම ඇහෙන්න
අවසාන වතාවට


පාවෙලා යන්න ඕනේ..


පෙනහැල්ල පිරෙන්නම
උඩට ඇද්ද
ආඩම්බරයෙන් පිටකල
ගුප්ත රටා මවන
සිගරට් දුමාරයක
පටලවා මම
මාවම
හිස්ම හිස්
අවකාශයට
එහෙම්මම අතුරුදන්
වෙන්න


මත්වෙන්න ඕනේ..
...............................................................................


කල නොහැකි දේ
මට
පියවි සිහියෙන්
මේ ලොව
හෙමි හෙමින්
කරාවී
සිහිවිකල් කර
නියමෙට
විස පෙවූ
මත් වතුර

බොහෝ කලකට පෙර
නුඹ සුසුම් මුසුව
ආදරේ එක්කර
දෙතොලින් පොවා
පණ
නුඹ නුඹව දියකර
දී ජීවනාලිය
පණ පෙවූ ජීවයක

එකවරම ගිලිහුණ
නුඹ සුසුම
සොයාගත නොහැකිව
දහසකුත් සුසුම් මැද
අතරමං වීගෙන
අන්ත අසරණ වී ඇත


හෙව්ව මං ආදේශක
හරිගියේ නෑ මට
එකම ප්‍රතිකර්මය
මෙච්චරයි හරියන

ලේවලට මුසුවෙච්ච
මත්වතුර ටිකෙන් ටික
පුළුස්සාදමාවී
නුඹ නමැති
හද සෛල
හෙමි හෙමින් මරාවී

මාත් එක්කම
පණ අදින
මාරාන්තික ප්‍රේමය

ටිකෙන් ටික
අරක්ගෙන නුඹ
අරක්ගෙන සිටින
ලේ නහර
ඉන්පසුව
සෝදලා ඉවත්කර
නුඹ නමැති
විෂබීජ
මත් වතුර
නාශකෙන්

එයම විෂවී පසුව
ගලා ගොස් දස අතට
අයිති කරගෙන සිරුර

මට යන්න කියාවී
අවසරයි සමුගන්න

..........................................................................


විනාස වෙන්න ඕනේ..


ඕනෙ විදියට නැතත්
ජීවත් වෙන්න මට
මැරෙන්න හරි ඕනේ
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මං කැමති විදියට
....................................................................................