Sunday, April 22, 2012

යෝජිතයි__________









වැස්ස නෑ
වැස්ස නෑ
වැස්ස නෑ

දෙයියනේ හෙණ,
ගහලද...
දෙයියන්ට පේන්නැද්ද,
අපි මේ විදින
දුක....

වතුර නැතුව...

කාලකණ්නි
මේ මිනිස්සු
බැන්න දෙයියන්ට
දෙස් තිබ්බ,
පලු යන්න....
යකෝ මුං
පොලුත් ගැහුව,

දෙයියන්ටම.....

අන්තිමේදි දෙයියන්ට,
දරාගන්න බැරුව
කෑගහල ඇඩුව...

වැස්ස වැස්ස
සතුටු වුනා
මිනිස්සු
කාලකණ්නි

“අම්මෝ අපෙ දෙයියා....“

ඒත්....
දෙයියන්ට බැරිවුනා
නවත්තන්න
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ගංවතුර

...............................................................









Sunday, April 15, 2012

මම මාර ආසයි...






හයියෙන් එන
කෝච්චියකට
දුවගෙන ගිහින්
හැප්පෙන්න

බ්ලේඩ් එකකින්
කපාගෙන අත
ලේ බිංදුව බිංදුව වැටෙනව
බලන් ඉන්න...

කඹේකින්
දාගෙන බෙල්ලෙ
වැල
එහාට මෙහාට
පැද්දි පැද්දි
ඉන්න

ඔය මොන ක්‍රමේකින්
හරි මැරිල...
මළගේ දවසට
කොල්ලො කට්ටිය
කැරම් ගහනකොට,
ඕමි ගහනකොට
උන් කියන කතා
අහන් ඉන්න...

ඔය
සේරම අස්සෙ
මළගෙදර
වලියක් දෙකක්
යනහැටි බලන් ඉන්න

අන්තිම ගමනට
කනත්තට
මගෙම මිනිය පස්සෙන්
ඇවිදන් යන්න


“රං මම රං මම
යමං කනත්තට“


සුදු පාට අරලිය
ගහක් යට
මාව වලදාල
කට්ටියම ආපහු
යනහැටි බලන් ඉන්න
ඇවිත්
.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඇවිත් කනත්තෙ
ගේට්ටුව ගාවට

....................................................................





Saturday, April 14, 2012

කෝප්පය.....






සික් අම්මප...

තියෙන ලටපටස් වැඩටික සේරම ඉවරකරල යන්තන් දෙයියනේ කියල 03.30 පහුවෙලා ගියා නිදාගන්න.06.30ටත් කලින් අපෙ අම්ම දොරකඩන්න හදනව එලිවෙලා නැගිටහන් කියල.
හනේ ඉතින් සුපුරුදු විදියටම නිදිමතේම නැගිටල ගිහින් තේක බීල ආයෙ ඇවිල්ල නිදාගත්ත.



කරුමෙටම මගේ කාමරේ ගේ ඉස්සරහ ගේට්ටුව ගාවටම වෙන්න තිබුනනෙ.


“ඊයෙ අළුත් ඇඩ් එකක් ගියානේද නංගියෙ?“
එහාගෙදර ඇන්ටි පරාණෙ

“ඔව් අනේ මාත් මේ කියන්නමයි හිටියෙ.හනේ ලංකාවට ගිය කලක් නේද?“
අපෙ අම්මත් සෙකන්ඩ් නෑ

ඊට අපේ හපන් බලු පරාණෙ


යකෝ ගෙදර ඉන්න කොල්ල වල බහින්න හරි කැම්පස් යනව.

මූ....
කාල කාල ගෙදරට වෙලාම නිදාගන්න එක විතරයි කරන්නෙ.ගේ ඇතුලට හොරෙක් ආවත් අනේ හොරකං කරන් පලයන් මට මොකෝ වගේ අනික්පැත්ත හැරිල බුදියගන්න එකා,

උදේට වත්තට දැම්මම ගේට්ටුව ඉස්සරහින් පාරෙ එක මිනිහෙක්ට යන්න දෙන්නෙ නෑ.

සිරාවට 
අපේ ගේට්ටුව ඉස්සරහින් මිනිස්සු උදේට යන්නෙ සිංහ කූඩුවක් ගාවින් එළු පැටියෙක් යනව වගේ.


අල්ලපු ගෙදර ඇන්ටි,අපෙ අම්ම,බලු පරාණෙ...

තුන්දෙනා මාරුවෙන් මාරුවට එක්කෙනාට එක්කෙනා සෙකන්ඩනොවී ශබ්ධ පූජාව පවත්තනව.
හනේ තුනම ගෑනු පරාණනෙ....

“ඒ මේ දන්නවද වැඩක්..ඊයෙ හවස මාර හොරකමක් වෙලානෙ 3වෙනි ලේන් එකේ.ගෑණු ළමයෙක්ගෙ චේන් එක කඩාගෙන ගිහිල්ල.හැබැයි කවුරුවත් මනුස්සයෙක් පේන්න ඉඳල නෑලු“

හනේ වහකදුරු සරණයි කිව්වලු...


ලේට් වෙලා හරි පහල ගෙදර ඇන්ටි පරාණෙත් සෙට් වුනා.

යකෝ ග්‍රීස් යකා පාර්ට් ටූද දන්නෙත් නෑ මොඩිෆයි වෙලා ඉන්විසිබල් යකා කියල.



දැන් බල්ලත් එක්ක ගෑණු පරාණ හතරයි.

හනේ ඉතින් සිරසෙයි,ස්වර්ණවාහිනියෙයි,අයි.ටීඑන් එකෙයි පතුරු ඇර ඇර නමෝ විත්තියෙන් කස්ටිය මහ පිරිත දැම්ම වගේ.ඔය අස්සෙ අපේ පූසත් සෙට් වෙලා ....

ආයෙ නෑ බල්ල පූසත් එක්ක ෆයර් වෙලා අපෙ අම්මගෙ වගාවට වැඩේ දෙනබව අපෙ අම්ම ගායනා කරන උන්දෙන්නගෙ මිහිරි ගුණ ගායනයෙන්ම තේරුණා


අපෙ අම්ම අපරාදෙ කියන්න බෑ අපි වවමු රට නඟමු අකුරටම ඉෂ්ට කරනව.සිරියාවෙ බෑ.තව ටික දවසකින් සිංහරාජෙ යන එක ලේසිවෙනව අපේ ගෙදර වත්තෙ ගේට්ටුවෙන් එළියට බහින එකට වඩා.

මමනං කොල්ලෙක් කියමුකො...ඒත් අපේ නංගි...

ආයෙ නෑ ඇක්ෂන් ෆිල්ම් එකක හොරෙක් ලේස(ර්) කිරණවලින් බේරිලා මැණිකක් ගාවට යනව වගෙයි,සපත්තු දෙකෙයි යුනිෆෝම් එකෙයි මඩ නොගෑවෙන්න ගේට්ටුව ගාවට යන්නෙ.

හනේ ඉතින් තුන්සිය හැටපස් දවසෙම උයන එකයි, ඒගොල්ලො උයන ඒව, උයනවෙලේ දැකල ඒගොල්ලන්ටම ඒව කන්න බැරි එකයි..(හිකිස් තමයි ඉතින්)ආණ්ඩුව,විපක්ෂය,බඩුමිල,බියුටිකචල් යනාදී සේරම විස්තර සාකච්චාකරල ඔන්න විරාමයක්....

මං දෙයියනේ කියල ආයෙත් ඇස්දෙක පියාගත්ත.මොන....

“අක්කෙ...හැබෑටම එදා අපේගෙදර අර හිටියෙ ගැරඬි පැටියෙක් නෙමෙයි නේද..?
අනේ පවු අක්කෙ ඌව ඔයා මැරුවෙ....“

මාස පහකට විතර කලින් අම්ම  විතරක් ගෙදර හිටි වෙලේ ආපු සර්ප පැටියෙක්ව මරල තිබුන එහා ගෙදර ඇන්ටි ඇවිල්ල...


“ඉතින් අර දිමියො පේලියක් යනව කියල සතියක් කුස්සියෙ ජනේලෙ වහන්නැතුව උන්ටික ඇතිකලාවගේ ඌවත්,

කුස්සියෙ දොර වහන්න බැරුව නිදැල්ලෙ තියන්න බැරි නිසා අල්ල බෝතලේක දාල ඇතිකරන්න තිබ්බනෙ...“


ඉවසගෙන ඉන්න බැරිම තැන මං කාමරේ ඉඳන් කෑගැහුව....


“අක්කෙ දැනුයි මතක් වුනේ...තාම උයන්න තියා හිතුවෙ වත් නෑනේ...“ කියාගෙන අප්පච්චිගෙ හිනාහඬ මැද්දේ අපෙ අම්ම මට බැන බැන ෂේප් එකේ ගෙට එනව ඇහුන...


මං හීනියට හූවක් තියල දෙයියනේ කියල ආයෙ ඇස්දෙක පියාගත්ත....



හයියෝ.....විස්කි කිව්වලු.....









ප.ලි:- මේක මොකඩ්ඩ කියල කියන්නනම් ඇට්ටටම ඩන්නෙ නෑ...ඔහේ හිතට ආවට ලියපු එකක්....මාතෘකාවක් හොයල ඩීල මේක ඩාන්න කීල  උඩව් කලපු සාතන් අයියට ගොඩාලියක් ඉස්ටූටී......^_^



හැමදෙනාටම සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!







Tuesday, April 10, 2012

ඔබ නොමැති දිනක.....





හුස්ම වැටෙන
මළ මිනියක්

පිපිල තියෙන
පර මලක්

වතුර තියෙන
හිඳුනු ගඟක්

ජීවය නැති
හද ගැස්මක්

හැගීම් නොමැති
දැනීම්

කන් බිහිරිවෙන
නිහැඬියාව

උණුසුම ළග
හීතල

හිරු එළියේ
අන්ධකාරය

ඉකි නොගසන
හඩාවැටීම්

ආදරයක් නැති
හිතක්

.
.
.
.
.
.
.
.
.
.
.
.


.

.
.
.
.
.
.
.
.
.
.
.

තේරුමක් නැති

කවක්


..............................................................................






Sunday, April 8, 2012

තරුවක කතාව......(2)




අයිති නැත සුපුන් සඳ
නිලඹරේ පායන
රැස් වැටේ යැයි බියෙන්
ඝණඳුරේ හිඳිමි මම

අමාවක දිනකදී
කදෝපැණි එළියකින්
යාන්තම් කවුළුවෙන්
හිස් අහස දකිමි මම

නේක විද තරු රටා
ලස්සනට පායලා
හැංගිලා ඉන්න මට
සමච්චල් කරනවා

“ඇද්ද බොට
හොඳ වැඩේ“

වළාකුළු සැඩ සුළං
ළඟට විත් ආදරෙන්
කියපු දේ ඇහුවෙ නෑ

“තරු හොඳට අහගනින්
කලත් හඳ ඉඟි
නුඹට
ඉන්නවා හාවියක්
හඳේ කරණම් ගසන“

සහෝදර තාරකා 
කියද්දිත්  පුන පුනා
“යන්නෙපා මඟ මැරෙයි“
මංගියා මගෙ ගමන

වල්ගතරුවක් වෙලා
ලස්සනට සැරසිලා
බාව මං වන වනා
හඳ වෙතට ඇදී යන
අහම්බෙන් අතරමග
අමාවක එළඹින

ඒ ලැබුනු
අවසරෙන්
අර නරුම වල් හාවි
පැන ගොසින් හඳ අරන්
කාටවත් නොකියාම

ගෙන වැරෙන් ඉලක්කය
පිටත් වුන ගමන් මඟ
කොහොම එක පාරටම
ආයෙමත් හැරෙන්නද

ගිණි පුළිඟු විසි වුනා
පාලනය නැති වුනා
කලන්නෙයි වගේ මට
අනේ මං නිල් වුනා

අහස තව දුර වුනා
පොළව තව ළඟ වුනා
ඩෝං ගා එකපාර
ඔලුව මගෙ හැප්පුනා


එච්චරයි මට මතක


උඩු හුළං වෙච්ච දේ
යටි හුළං අතේ මට
දූවිල්ලෙ අකුරු කර
උපමාද උපමේද
කවිද ගී පදවැල්ද
ඇතුලත්ව ලස්නට
එවා තිබු ලියුම් පොඩි
කියවලා දමා මං
පා කලා හුළඟටම


හිස වැදී ගෙඩි ගැහුන 
ගතම මගෙ රිදුම් දෙන
නොදන්නා ලොවක දැන්
අතරමං වෙලා මම

ඒත් මේ හැමදේම
සුදුවුනේ හොඳකටය
තරු ඇහින් වැටෙන මේ
ලේ පාට පිණි කඳුළු
 දරාවී 
සාක්ෂිය
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
. 
පෑදුනා මොලේ මට

.................................................................................










Thursday, April 5, 2012

දොර...





හු
ක් වුන්

ආව ගිය
ඒත් ඒ එකෙක්වත්
ආයෙ නොඑන

අහම්බෙන් දවසක
“උඹ“ ආව

ඒ ඇවිත් 
සදහටම වහපු
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
“දොර“
..............................................







Monday, April 2, 2012

තරුවක කතාව......(1)








සුදූ ඔයාට
පේනව නේද

අර ලාවට පායල තියෙන
ලස්සන හඳ

එතකොට ඔයාට
පේනවද 
ඒ හඳ වටකර
තරු කැල

ඔයා දන්නවද
ඌ මට පෙන්නල තියෙනව
ඒ හැම තරුවකම
ලස්සන
මට තරු
විසික්වෙන්න

කොච්චර මාරද 
කියනවනම්
ඒක
මාත් දැන් සුපිරි තරුවක්
දන්නෙම නැතුව
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
වේගයෙන් මියැදෙන
...........................................................